ද්විපාර්ශ්වික වෙළෙඳාමේ වර්ධනය පිළිබඳව දෙපාර්ශ්වයම තෘප්තිය පළ කර ඇත

දෙවන ඉන්දියාව සහ ටැන්සානියා විදේශ කාර්යාල උපදේශන සැසිය බ්‍රහස්පතින්දා නවදිල්ලියේදී පැවැත්විණ. මෙම උපදේශන වටයේ දී ද්විපාර්ශික සබඳතා පිළිබඳ ද සාකච්ඡා කෙරිණ

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන පරිදි දේශපාලන, ආර්ථික, වෙළඳ සහ ආයෝජන, ආරක්‍ෂක, සංස්කෘතික, අන්තර් පුද්ගල සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන වෙනත් ක්ෂේත්‍ර ඇතුළු ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය මෙම උපදේශන මගින් සමාලෝචනය කරන ලදී.

මෙම සාකච්ඡා වටයේදී වැඩිදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, නැගෙනහිර අප්‍රිකානු ප්‍රජාව , දකුණු අප්‍රිකානු සංවර්ධන සහයෝගීතාව සහ අප්‍රිකානු මහාද්වීපික නිදහස් වෙළඳ ප්‍රදේශය ඇතුළු බහුපාර්ශ්වික සහ කලාපීය ගැටලු ද සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියාව ටැන්සානියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන අතර ටැන්සානියාවේ ඉහළම ආයෝජකයින් අතර වේ.2021-22 වර්ෂයේ දී ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 4.5 දක්වා වු වර්ධනය පිළිබඳව දෙපාර්ශවයම තෘප්තිමත් විය.

විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් සෞඛ්‍ය, අධ්‍යාපනය, වරාය සංවර්ධන සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමේ හැකියාව ගවේෂණය කිරීමටත් දෙපාර්ශවය එකඟ විය.

පසුගිය කාලය පුරාවට ඉන්දියාව ටැන්සානියාවට ඩොලර් බිලියන 1.1 කට වඩා වටිනා ණය මාර්ග 6 ක් ලබා දී ඇත, විශේෂයෙන් නගර ජල සම්පාදන සහ කළමනාකරණ අංශය. ණය, ප්‍රදාන සහ වෙනත් යාන්ත්‍රණයන් හරහා ටැන්සානියාව සමඟ සංවර්ධන හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභිලාශය ඉන්දීය පාර්ශවය නැවත තහවුරු කළේ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසී ය. එමෙන්ම ටැන්සානියාව ඉන්දියාවේ සංවර්ධන හවුල්කරුවෙක් ද වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන පරිදි ද්විපාර්ශික සබඳතා දෙපාර්ශ්වයටම ප්‍රයෝජනයක් වන පරිදි පවත්වාගෙන යාමට ඉන්දියාව සහ ටැන්සානියාව එකඟ විය.

උපදේශන වටය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම් පුනීත් ආර් කුන්දල් වි සින් ඉන්දීය පාර්ශවය වෙනුවෙන් ද, ටැන්සානියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියාව සහ ඕස්ට්‍රේලියා කටයුතු භාර අධ්‍යක්ෂ සීසර් සී.වයිතර විසින් මෙහෙය වන ලදී.