යෝගා ප්‍රදර්ශනය සහ සැමරුම් ඉන්දියාව පුරා පිහිටි ප්‍රසිද්ධ ස්ථාන 75 කදී ද පැවැත්වේ.

අඟහරුවාදාට යෙදෙන ජාත්‍යන්තර යෝගා දිනයේ දී ෆීජි සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා කෝටි සංඛ්‍යාත ජනතාවගේ සහ සහභාගිත්වයෙන් කාල කලාප 16 ක යෝග පුහුණුවීම් සැසි පවත්වනු ඇත.

2022 වර්ෂයේ වෙනුයේ ජාත්‍යන්තර යෝගා දිනයේ 8 වන අදියරයයි. මෙහි ප්‍රධාන උත්සවය කර්නාටක ප්‍රාන්තයේ මයිසූර්හි මයිසූර් මාලිගයේදී පැවැත්වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් 15,000 කට අධික සහභාගිවන්නන් සමඟ මයිසූර්හි දී යෝගා සැසියක් පැවැත්වීමට නියමිතය. 2022 ජාත්‍යන්තර යෝගා දිනයේ දී කෝටි 25 කට ආසන්න පිරිසක් සහභාගීත්වයෙන් වැඩසටහන් පැවැත්වීමට නියමිත බව ඉන්දීය ආයුෂ අමාත්‍යාංශය පැවසීය.

මෙවර ජාත්‍යන්තර යෝගා දිනයේ තේමාව වන්නේ ‘මනුෂ්‍යත්වය සඳහා යෝග’ යන්නයි.

2022 වර්ෂයේ ජාත්‍යන්තර යෝග දිනයේදී ඉන්දියාවේ ස්ථාන 75 කදී 'ගාඩියන් රින්ග්', යෝගා ප්‍රදර්ශන ඉන්දීය කැබිනට් අමාත්‍යවරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මීට අමතරව මයිසූර්හි දුසේරා ක්‍රීඩාංගනයේදී ඩිජිටල් යෝග සහ ස්ථිතික ප්‍රදර්ශනයක් පවත්වනු ඇත.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ග්වාලියර් බලකොටුවේදී පුද්ගලයින් 2,000 කට අධික පිරිසකගේ දැවැන්ත යෝග ප්‍රදර්ශනයක් සංවිධානය කරමින් ජාත්‍යන්තර යෝගා දිනය සමරන බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජෝතිරාදිත්‍ය එම් සින්ඩියා සහභාගිවනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම සඳහා ගුජරාට් ප්‍රාන්තයේ කෙවාඩියා හි එක්සත් ප්‍රතිමාව අසල ද කටයුතු පිලියෙළ කොට ඇත.

2014 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ජූනි මස 21 දින ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.