ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව 2020 ජුනි මාසයේ සිට විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් බෙදා ගනී.

ඉන්දීය සහ ඕස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍යවරුන් ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි. මෙම හමුව නවදිල්ලියේදී දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමේ පියවර පිළිබඳව ඔවුන්ගේ ද්විපාර්ෂික සාකච්ඡා වලදි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ "අමාත්‍යවරුන් දෙදෙනා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව සමාලෝචනය කරන අතර ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව මුල පිරීම් ගවේෂණය කරනු ඇති බවයි.

එම නිවේදනයේ තවදුරටත් දැක්වූයේ කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව ද දෙපාර්ශවය විසින් අදහස් හුවමාරු කර ගනු ඇති බවයි.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සිය සිව්දින ඉන්දීය සංචාරයේ පළමු අදියර සඳහා සඳුදා ගෝවා වෙත ළඟා විය.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව 2020 ජුනි මාසයේ සිට විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් බෙදා ගනී. මෙය දෙරටේ ආරක්ෂක මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන කුළුණකි.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක සමස්ත කලාපයේ සාමය සහ සමෘද්ධිය සඳහා පොදු උනන්දුවක් දක්වයි. දෙරටටම නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ පොදු දැක්මක් ඇත.


ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ,ඉන්දු-පැසිෆික් කලාපයට සාමය සහ සෞභාග්‍යය ගෙන දුන් නීති මූලෝපායික අනුපිළිවෙලෙහි මාරුවීම් මත පීඩනයකට ලක්ව ඇති බවයි

"ඕස්ට්‍රේලියාව ඉන්දු-පැසිෆික් කලාපයකට සහය දැක්වීම සඳහා ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම්,බව ඔහු තවදුරටත් පැවසීය.

මාර්ල්ස් පැවසුවේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට අපේක්ෂාවෙන් සිටින බවයි. එමෙන්ම ඉන්දියා-ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක සබඳතා ඉදිරියට ගෙන යාමට සහ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ ආරක්ෂක සබඳතාව වැඩි දියුණු කිරීමට කැපවන බවයි.