ඊඒඑම් ජයශංකර් පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල සගයන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් ද පවත්වනු ඇත.

රුවන්ඩාවේ කිගාලි නගරයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහභාගීවේ. ඔහු ඉන්දීය දුත පිරිසට නායකත්වය දෙමින් ඉන්දියාව නියෝජනය කරනු ඇත.

මීට පෙර කොවිඩ්-19 පැතිරීම හේතුවෙන් දෙවරක් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොපැවැත්විණ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජූනි 24 සිට 25 දක්වා පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ජූනි 23 වැනිදා කිගාලි හි පූර්ව චෝගම් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වන බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලය සභාපතිවරයා ලෙස රුවන්ඩාව ක්‍රියා කරනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදය, පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය, පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සංසදය,පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය, ඇතුළු සංසද ගණනාවක් ද පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වේ.

26 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සමුළුවේ තේමාව වන්නේ 'පොදු අනාගතයක් ලබා දීම: සම්බන්ධ කිරීම, නවෝත්පාදනය, පරිවර්තනය' යන්නයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ට අනුව, පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල නායකයින් දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය ගැටලු වැනි ගෝලීය අභියෝග ඇතුළුව සමකාලීන මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ළමා රැකවරණය සහ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කිගාලි ප්‍රකාශය; තිරසාර නාගරීකරණය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවන ඉඩම් ප්‍රඥප්තිය පිළිබඳ ප්‍රකාශය: ජීවමාන ඉඩම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ඇමතුම යන ලේඛන සම්මත කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය කුඩා රාජ්‍යයන් සහ කුඩා දූපත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් ඇතුළු සාමාජිකයින් සමග පුළුල් සබදතාවක් පවත්වයි.

2018 දී, ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය කවුළුවක් නිර්මාණය කිරීම නිවේදනය කළේය. ඇමරිකානු ඩොලර් මිලියන 50ක සංවර්ධන ආධාර තුළින් පොදුරාජ්‍ය මණ්ඩලයේ සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ කැපවීම දක්නට ඇත. මේ අනුව ගත් කල ඉන්දියාව ද පොදුරාජ්‍ය මණ්ඩලයට විශාලතම දායකත්වයක් සපයන රටවලින් එකකි.