ඉන්දු-ඉන්දුනීසියාවේ සම්බන්ධීකරණ මුර සංචාරයෙහි වත්මන් අදියර ජුනි 13 වන දින ආරම්භ විය

38 වන ඉන්දු-ඉන්දුනීසියා සම්බන්ධීකරණ මුර සංචාරය නිම කරමින් ඉන්දීය නාවික හමුදාවේ අයි.එන්.එස් කාර්මුක් නෞකාව ඉන්දුනීසියාවේ සබාං වරායට පැමිණියේය.

මේ පිළිබඳව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ජකර්තා හි ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කොට තිබුණේ 38 වැනි ඉන්දු-ඉන්දුනීසියාවේ සම්බන්ධීකරණ මුර සංචාර සාර්ථක ලෙස නිම කරමින් අයි.එන්.එස් කාර්මුක් නෞකාව ඉන්දුනීසියාවේ සබාං වරායට ඇතුළු වු බවයි.ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ බව එහි වැඩිදුරටත් සඳහන්ව තිබීණි.

මෙම සම්බන්ධීකරණ මුර සංචාරය මගින් ඉන්දුනීසියානු නාවික හමුදාව සමඟ අන්තර්-ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමට සහ ශක්තිමත් මිත්‍ර සබඳතා ඇති කර ගැනීමට ඉන්දීය නාවික හමුදාවට උපකාර වනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

2002 සිට ඉන්දියාව සහ ඉන්දුනීසියාව ජාත්‍යන්තර සමුද්‍ර මායිම් රේඛාව ඔස්සේ සම්බන්ධීකරණ මුර සංචාර සිදු කරයි.

ඉන්දු-ඉන්දුනීසියාවේ සම්බන්ධීකරණ මුර සංචාරය අන්දමන් සහ නිකොබාර් විධානයේ අනුග්‍රහය යටතේ ජුනි 13 වනදා ආරම්භ විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ පෝට් බ්ලෙයාර්හි තෙදින වරාය සංචාරය අතරතුර, ඉන්දුනීසියානු යුධ නෞකා වෘත්තීය සාකච්ඡා, රුවල් සම්මන්ත්‍රණය සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වූ බවයි.

සම්බන්ධීකරණ මුර සංචාරයෙහි 38 වන අදියර සඳහා වන මුහුදු අදියර අඟහරුවාදා සහ බදාදා අන්දමන් මුහුදේදී සිදු කරන ලද අතර සමාප්ති උත්සවය බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාවේ සබාන්ග්හිදී පෙළ ගැසී තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, සමුද්‍ර ත්‍රස්තවාදය, සන්නද්ධ මංකොල්ලකෑම් සහ මුහුදු කොල්ලකෑම් වැළැක්වීම සහ කලාපයේ නීතිවිරෝධී වාර්තා නොකළ නියාමනය නොකළ මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා ආයතනික ක්‍රියාමාර්ගවලට ද සම්බන්ධීකරණ මුර සංචාරය පහසුකම් සලසා ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙම මුර සංචාරය මගින් දෙරටේ නාවික හමුදාවන්ට දෙරටේ නාවික හමුදාවන්ට සමුද්‍ර මෙහෙයුම් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සහ අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කර ගැනීමට ද මෙම ඒකාබද්ධ මුර සංචාරය බෙහෙවින් ඉවහල් වේ.