ප්‍රතිසංස්කරණ බ්‍රික්ස් හි කාර්යක්ෂමතාව වැඩි කර ඇති බව අගමැති මෝදි පැවසීය

2022 XIV බ්‍රික්ස් සමුළුවේදී සිය ආරම්භක අදහස් දැක්වීමේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූයේ බ්‍රික්ස් සාමාජිකයින් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය පශ්චාත් කොවිඩ්-19 ගෝලීය ප්‍රකෘතිය සඳහා ප්‍රයෝජනවත් දායකත්වයක් ලබා දිය හැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා, වසන්ගතයේ ව්‍යාප්තිය අවම වී ඇති පසුබිමක වසංගතය තුළින් ජනිත කරන ලද අයහපත් ආර්ථික ප්‍රතිවිපාක ගෝලීය ආර්ථික තවමත් දැකිය හැකි බව පැවසීය.

බ්‍රික්ස් සාමාජික රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ගෝලීය ආර්ථිකයේ පාලනය සම්බන්ධයෙන් බොහෝ දුරට සමාන මතයක් දරන බව ඉන්දීය අගමැති මෝදි සඳහන් කළේය.

චීනය විසින් සත්කාරකත්වය සපයන ලද මාර්ගගත අතථ්‍ය සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ බ්‍රික්ස් රටවල අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතාවය පශ්චාත් කොවිඩ් ගෝලීය ප්‍රකෘතිය සඳහා යොදාගත හැකි බවයි.

"බ්‍රික්ස් තරුණ සමුළු, බ්‍රික්ස් ක්‍රීඩා සහ අපගේ සිවිල් සමාජ සංවිධාන අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් බ්‍රික්ස් රටවල ජනතාව අතර ශක්තිමත් සම්බන්ධතාවයට මග කියා ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පින්ට අමතරව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද සමුළුවට සහභාගි වූහ.

එන්නත් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම, හවුල් චන්ද්‍රිකා තාරකා මණ්ඩලය පිහිටුවීම, ඖෂධ නිෂ්පාදන අන්‍යෝන්‍ය වශයෙන් හඳුනා ගැනීම යනාදි අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් පුරවැසියන්ගේ ජීවිත වලට සෘජුවම ප්‍රතිලාභ ලබන බොහෝ ක්ෂේත්‍ර තිබේ යැයි අගමැති මෝදි පැවසීය.

බ්‍රික්ස් හි ආයතනික ප්‍රතිසංස්කරණ මඟින් මෙම සංවිධානයේ කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නව සංවර්ධන බැංකුවේ ප්‍රගතිය පිළිබඳව ද සිය සතුට පළ කළේය.