මේ සමඟ ඉන්දියාව විසින් ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 33,500ක් සාර්ථකව ලබා දී ඇත.

ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූමිකම්පාවෙන් 1,000 කට අධික පිරිසක් මිය ගියහ. ඉන්දියාව මානුෂීය ආධාර ලෙස තිරිඟු මෙට්‍රික් ටොන් 3000 ක තොගයක් ඇෆ්ගනිස්ථානට යවන ලදී.

මෙම තිරිඟු පිටි තොගය ඇෆ්ගනිස්ථානයට ලබාදීමත් සමග ඉන්දියාව ලෝක ආහාර වැඩසටහන යටතේ තිරිඟු මෙට්‍රික් ටොන් 33,500ක් සාර්ථකව ලබා දී ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ,ඇෆ්ගනිස්ථාන ජනතාවට මානුෂීය ආධාර සැපයීමට අපගේ කැපවීම නොසැලී පවතීන බවයි. මෙහි තවත් එක් පියවරක් ලෙස අද ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 3000ක් යවන ලදී. ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 33,500ක් මේ දක්වා ලබා දී ඇත.

ඉන්දියාව විසින් පළමු තිරිඟු මෙට්‍රික් ටොන් 2500ක තොගය ට්‍රක් රථ 50 කින් පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයට මේ වසරේ පෙබරවාරි 22 වැනිදා පිටත් කර යවන ලදී. මෙම ආධාර තොගය පෙබරවාරි 26 වන දින ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයට ළඟා විය.

ඇෆ්ගනිස්ථානයේ ජනතාවට ගොඩබිමෙන් තිරිඟු ටොන් 50,000ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉන්දියාව විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා පාකිස්තානයට යවා තිබුණි. නොවැම්බර් 24 වැනිදා පකිස්ථානය ද මෙම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. ඉන් අනතුරුව, සියලු පාර්ශ්වයන් විසින් භාණ්ඩ ප්‍රවාහනය කරන ආකාරය පිළිබඳ ක්‍රමවේදයන් සකස් කරන ලදී.

ඇෆ්ගනිස්ථානයේ ජූනි 22 දා සිදුවූ භූමිකම්පාවෙන් දාහකට අධික පිරිසක් මියගිය අතර 1500කට වැඩි පිරිසක් තුවාල ලදහ. මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන්ව තිබිණ. වසර ගණනාවක් යුද්ධයෙන් හා ස්වභාවික ව්‍යසනයෙන් විනාශයට පත් වූ ජනගහනයක් පෝෂණය කිරීම තලේබාන් රජයට දුෂ්කර ය බව ජාත්‍යන්තර විචාරකයෝ පවසයි.