ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුඩුපට්ටම් කිරීමට උත්සාහයක් ගත් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ දුෂ්කරම අවධියක හදිසිය යුගයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. ඔහු මේ බව පැවසුවේ ඔහුගේ මාසික ගුවන් විදුලි වැඩසටහන වන මන් කී බාත් හි 90 වන කථාංගයේදී ය.

ඉන්දියාව නිදහස ලබා අවුරුදු 75ක් සමරන මොහොතේදී එම දුෂ්කර අවධිය කිසිවිටෙකත් අමතක නොකළ යුතු බව ඔහු පැවසීය.

අගමැති මෝදි සිහිපත් කළේ රටේ පුරවැසියන්ගෙන් සියලු අයිතිවාසිකම් ලබා ගත් ආකාරය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තිය යටතේ සියලුම ඉන්දියානුවන්ට ලබා දී ඇති 'ජීවත්වීමේ අයිතිය සහ පුද්ගලික නිදහස' එම අයිතිවාසිකම්වලින් එකක් බව ඔහු පෙන්වා දුන්නේය.

“ඒ අවස්ථාවන් වලදී ‍‍ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය තලා දැමීමට උත්සාහයක් ගත්තා, යැයි අගමැති මෝදි පැවසීය.

රජයට අත්පොළසන් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ප්‍රසිද්ධ ගායක කිෂෝර් කුමාර්ට ගුවන් විදුලිය තහනම් කළ ආකාරය ද අගමැතිවරයා සිහිපත් කළේය. අතීතයේදී සෑම ව්‍යවස්ථාපිත ආයතනයක්ම, අධිකරණයක්ම සහ පුවත්පත් ද පාලනයට යටත් කර පැවති බව ඔහු පැවසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අතීතයේදී අවසරයකින් තොරව ප්‍රකාශයට පත්කිරීම ද වාරණය කර තිබූ බවයි.

ඔහු අවධාරණය කළේ, උත්සාහයන් කිහිපයක්, දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම් සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එරෙහිව සිදු කරන ලද සාහසික ක්‍රියාවලින් පසුව වුවද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉන්දීය ජනතාවගේ විශ්වාසය නොසැලී ඇති බවයි.

නිදහසේ අමෘතය උත්සවය එනම් ඉන්දියා නිදහස ලබා වසර 75ක් සමරන විට වසර සිය ගණනක වහල්භාවයෙන් මිදීමේ ජයග්‍රාහී හැඟීම් කිසිදා අමතක නොකළ යුතු බව අගමැති මෝදි සඳහන් කළේය.

මෙම වැඩසටහන අතරතුරදී ඉන්දීය යොවුන් ක්‍රීඩා උළෙල පිළිබඳ සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රීඩා අංශයේ ජයග්‍රහණ පිළිබඳ සිය අගය කිරීම සිදු කළේය. එමෙන්ම කසල ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන හා ඉන්දියාවේ වර්ධනය වන නව ව්‍යාපාර පිළිබඳවද ඔහු මෙහිදී විශේෂයෙන් ඉස්මතු කළේය.