අගමැති මෝදිට අනුව ඉන්දියාව සිය නව අනන්‍යතාවය සහ සංවර්ධනයේ මුල්ගල තබමින් සිටී.

ඉන්දියානු ඩයස්පෝරාවේ දායකත්වය අගය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ඔවුන් ජාතියේ සන්නාම තානාපතිවරුන් බවයි. ඔහු මේ බව පැවසූයේ ජර්මනියේ මියුනිච් හි අවුඩි ඩෝම් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී ඉන්දියානු ඩයස්පෝරාව අමතමින්ය.

ඉන්දියාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති විවිධ මුලපිරීම් පිළිබඳව ඔහු විස්තර කළේය

ඉන්දියාවේ සාර්ථකත්වය ලොවට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියානු ඩයස්පෝරාව දක්වන දායකත්වය පිළිබඳ සඳහන් කරමින් ඉන්දියාවේ සාර්ථකත්වයේ සන්නාම තානාපතිවරුන් ලෙස ඔවුන්ගේ දායකත්වය අගමැති මෝදි ද අගය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූයේ ඉන්දියාවේ සාර්ථක කතාව ලොවට විදහා පාන සන්නාම තානාපතිවරුන් වශයෙන් ඔවුන්ගේ කැපවීම ඉන්දියාවට අභිමානයක් බවයි. ජාතියේ සාර්ථකත්වය උදෙසා ඉන්දියානු ඩයස්පෝරාවේ කැපවීම තවදුරටත් ලබාදෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

ඉන්දියාවේ සාර්ථක කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය ගැන ද සඳහන් කරමින් අගමැති මෝදි පැවසූයේ ඉන්දියාව සිය නව අනන්‍යතාවයේ සහ සංවර්ධනයේ මුල්ගල් තබමින් සිටීන බවයි.

ජර්මනියේ ඉන්දියානුවන් සහ ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් එක් ලක්ෂ හැත්තෑ දහසක් පමණ ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරය වෘත්තිකයන්, තාක්ෂණවේදීන්, ව්‍යාපාරිකයන්, හෙදියන් සහ සිසුන් ය.

ජර්මනියේ සත්කාරකත්වය දරන ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා අගමැති මෝදි ඉරිදා මියුනිච් වෙත පැමිණියේය.

2000 මැයි මාසයේ සිට ඉන්දියාව සහ ජර්මනිය "උපායමාර්ගික හවුල්කාරිත්වයක්" බෙදාගනී.

යුරෝපා සංගමය තුළ ජර්මනියේ සැලකිය යුතු බලපෑම,ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය සහ ජර්මනියයේ ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගැනීමේදී ජර්මනිය ඉන්දියාවේ වැදගත් හවුල්කරුවෙකි.