ඉන්දියාව මේ වසරේ ජනවාරි 1 වන දින සැන්ටෝ ඩොමින්ගෝ හි නේවාසික දූත මණ්ඩලයක් පිහිටුවා තිබුණි.

අභ්‍යවකාශය, සයිබර් ආරක්ෂාව සහ කෘතිම බුද්ධිය පිළිබඳ සහයෝගීතාව යන විෂයන් ඩොමිනිකන් ජනරජය සහ ඉන්දියාව අතර පැවැති විදේශ කාර්යාල උපදේශනවල දෙවන වටයේදී සාකච්ඡා විය

ඩොමිනිකන් ජනරජයේ සැන්ටෝ ඩොමින්ගෝ හි පැවති උපදේශන වලදී දේශපාලන, වෙළඳ සහ ආයෝජන, ධාරිතා ගොඩනැගීම සහ අභ්‍යවකාශය, සයිබර් ආරක්ෂාව සහ කෘතිම බුද්ධිය, උසස් අධ්‍යාපනය ඇතුළු විද්‍යාව හා තාක්‍ෂණයේ සහ සංස්කෘතික සබඳතා වල සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කරන ලදී යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසී ය

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ ආපදා ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා වූ සන්ධානය,ජාත්‍යන්තර සූර්ය සන්ධානය සහ එක්සත් ජාතීන්ගේ සහයෝගිතාව ඇතුළු බහුපාර්ශ්වික සහ කලාපීය ගැටළු ද සාකච්ඡා කරන ලද බවයි.

ඉන්දියාව නියෝජනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර කටයුතු භාර ලේකම් සෞරබ් කුමාර් සහභාගී විය.ඩොමිනිකන් ජනරජය නියෝජනය කළේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජෝස් ජුලියෝ ගෝමස් විසිනි.

ඊට අමතරව නැගෙනහිර කටයුතු භාර ලේකම් සෞරබ් කුමාර් විසින් ඩොමිනික් ජනරජයේ විදේශ අමාත්‍ය රොබර්ටෝ අල්වාරෙස් ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තේය.

මේ වසරේ ජනවාරි 1 වන දින සැන්ටෝ ඩොමින්ගෝ හි ඉන්දියාවේ නේවාසික දූත මණ්ඩලය පිහිටුවීම සම්බන්ධව ඩොමිනික් ජනරජය ඉන්දියාවට සිය ස්තුතීය පිරිනැමීය

ඉන්දියාව ඩොමිනිකන් ජනරජයේ සිව්වන විශාලතම වෙළඳ හවුල්කරුවා වේ.