කකාඩු-2022 යනු රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මෙහෙයවන අභ්‍යාසයකි.

ඉන්දියානු නාවික හමුදාව විසින් දේශීයව නිර්මාණය කර ගොඩනගා ඇති ස්ටෙල්ත් නෞකාව වන අයි.එන්.එස් සත්පුර සහ P8I සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයක් සඳුදා සැප්තැම්බර් 12 ඕස්ට්‍රේලියාවේ ඩාවින් වරාය වෙත ළඟා විය. ඔවුන් රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද කකාඩු–2022 ජාත්‍යන්තර අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියා පැමිණ ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාවේ සහභාගී වන බවයි. එමෙන්ම මෙම අභ්‍යාසය වරායේ සහ මුහුදේ සති දෙකක් පුරා පැවැත්වේ. මෙම අභ්‍යාසයට නාවික හමුදා 14ක නැව් සහ සමුද්‍ර ගුවන් යානා ඇතුළත් වන බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.

කකාඩු–2022 අභ්‍යාසයේ වරාය අදියරේදී නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගී වන නාවික හමුදා සමඟ මෙහෙයුම් සැලසුම් අන්තර්ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා කටයුතු වල නිරත වන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

කකාඩු 2022 යනු රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මෙහෙයවන අභ්‍යාසයකි. 1993දී ආරම්භ වූ මෙම අභ්‍යාසය රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ ප්‍රධාන ද්විවාර්ෂික කලාපීය ජාත්‍යන්තර මැදිහත්වීමේ මුලපිරීම බවට පත්ව ඇත.

යාත්‍රා 15කට අධික සංඛ්‍යාවක්, ගුවන් යානා 30කට අධික සංඛ්‍යාවක් සහ රටවල් 20කට අධික සංඛ්‍යාවකින් පුද්ගලයන් 3,000ක් පමණ මෙම අභ්‍යාසයට සහභාගි වනු ඇති බව ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ මෙම අභ්‍යාසය විශාලතම එකක් වනු ඇති බවයි.

ඕස්ට්‍රේලියානු බලඇණියේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජොනතන් අර්ලි ප්‍රකාශ කොට ඇත්තේ කකාඩු අභ්‍යාසය නාවික හමුදාවේ වැදගත්ම ජාත්‍යන්තර ක්‍රියාකාරකම් වන බවයි. එමෙන්ම රටවල් අතර ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා ගොඩනගා ගැනීමට මෙම අභ්‍යාස බෙහෙවින් උපකාරී වන බව ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

සංස්කෘතික ක්‍රියාකාරකම්, නාවික හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නායකයින් සඳහා සම්මන්ත්‍රණ, ක්‍රීඩා ඉසව් සහ සමාජ රැස්වීම් ඇතුළත් කාර්යබහුල වරාය අදියරයක් සමුද්‍ර අභ්‍යාසයට අතිරේකව පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් 12 සිට සැප්තැම්බර් 24 දක්වා කකාඩු 2022 අභ්‍යාසය උතුරු ඕස්ට්‍රේලියානු කලාපයේ පවත්වනු ලැබේ.