ඉන්දියාවේ චීටා ව්‍යාපෘතිය යනු ලොව ප්‍රථම අන්තර් මහාද්වීපික මාංශ භක්ෂක සංක්‍රමණ ව්‍යාපෘතියයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන් දිනය වන සැප්තැම්බර් 17 දින නැමීබියාවේ සිට ගෙන එන ලද චීටාවන් මධ්‍ය ප්‍රදේශ් හි කුනෝ ජාතික වනෝද්‍යානයට මුදා හරිනු ඇතැයි වාර්තා වේ.

ලොව වේගවත්ම ගොඩබිම් ක්ෂීරපායී සත්වයා ලෙස සැලකෙන චීටා - 1952 දී ඉන්දියාවෙන් වඳ වී ගිය බව ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ කුනෝ ජාතික වනෝද්‍යානයේ වල් චීටාවන් මුදා හැරීම ඉන්දියාවේ වන ජීවීන් සහ එහි වාසස්ථාන පුනර්ජීවනය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උත්සාහයේ කොටසක් බවයි.

ලොව විශාලතම තිත් බළලුන් සිටින නැමීබියාවේ සිට චීටා ප්‍රවාහනය සඳහා විශේෂ ඉන්දීය ගුවන් යානයක් යවන ලදී.මේ වසර මුලදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව චීටා නැමීබියාවෙන් ඉන්දියාවට ගෙන එන ලදී.

ඉන්දීය ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම චීටාවන් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය පිළිබඳ කරුණු දක්වා ඇත්තේ ලෝකයේ පළමු අන්තර් මහාද්වීපික මාංශ භක්ෂක සංක්‍රමණ ව්‍යාපෘතිය ලෙසයි.

පාංශු තෙතමනය සංරක්ෂණය, කාබන් වෙන් කිරීම සහ ජල සුරක්ෂිතභාවය ඇතුළු පාරිසරික ක්‍රියාකාරකම් වැඩිදියුණු කරන ආකාරය හා ඉන්දියාවේ පරිසරයට චීටාවන්ගේ වටිනාකම ඉන්දීය ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පැහැදිලි කරන ලදී.

මෙම නව ව්‍යපෘතිය යටතේ පාරිසරික සංවර්ධන සහ පරිසර සංචාරක ක්‍රියාකාරකම් මගින් ජනතාවට සිය නව ජීවනෝපාය සංවර්ධනයට ඉඩ ප්‍රාස්ථාව සලසනු ඇත.

රටේ සංරක්ෂණ ආචාර ධර්ම සහ සංස්කෘතිය සඳහා, චීටා ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් දරයි. චීටා නැවත ඉන්දියාවට හඳුන්වාදීම පාරිසරික පද්ධතියේ සමතුලිතතාවයට බෙහෙවින් මහෝපකාරී වනු ඇත.

මානව අවශ්‍යතා සමඟ ගැටුම් අවම වශයෙන් ඇති මහා මාංශ භක්ෂකයින් අතර චීටා ද වේ. චීටාගෙන් මිනිසුන්ට අවම තර්ජනයක් වන බව සඳහන්ය.