ඉන්දියාව දැනට ලිතියම්-අයන සෛලවල සම්පූර්ණ අවශ්‍යතා චීනය, දකුණු කොරියාව, වියට්නාමය සහ හොංකොං වලින් ආනයනය කරයි.

ආන්ද්‍රා ප්‍රදේශ් හි තිරුපති හිදී ඉන්දියාවේ පළමු ලිතියම් සෛල නිෂ්පාදන මධ්‍යස්ථානය සිකුරාදා දියත් කෙරේ.මෙම සෛල බලශක්ති ගබඩා වල භාවිතා වේ.

ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ජංගම දුරකථන, ශ්‍රවණය කළ හැකි සහ පැළඳිය හැකි උපාංග වැනි අනෙකුත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා සෛල ද මෙම කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කරන බවයි.

ඉන්දියාවේ මෙම ජයග්‍රහණය තුළින් මෙම අති නවීන බලාගාරයේ ස්ථාපිත ධාරිතාව මෙගාවොට් පැය 270 ක් දක්වා වර්ධනය වේ. එමෙන්ම දිනකට ඇම්පියර් පැය 10කින් යුත් සෛල 20,000 ක් නිපදවිය හැකිය.

ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පැවසූයේ ලිතියම් සෛල නිෂ්පාදන මධ්‍යස්ථානය මගින් ඉන්දියාවේ වර්තමාන අවශ්‍යතාවයෙන් සියයට 60 ක් පමණ සපුරාලිය හැකි බවයි.

දැනට, ඉන්දියාව ලිතියම්-අයන සෛලවල සම්පූර්ණ අවශ්‍යතා මූලික වශයෙන් චීනය, දකුණු කොරියාව, වියට්නාමය සහ හොංකොං වෙතින් ආනයනය කරයි.

ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් විසින් පූර්ව නිෂ්පාදන ධාවනය ආරම්භ කිරීමට කටයුතු කරණූ ඇත. 2015 දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පන්සල් නගරයේ පිහිටුවන ලද ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන පර්ෂදය මෙම ජයග්‍රහනයට හේතු විය.

ඉන්දීය රාජ්‍ය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් වැඩිදුරටත් පැවසූයේ ඉන්දියාව ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනයේ ගෝලීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අගමැති මෝදිගේ ඉලක්කය මෙම බලාගාරය විවෘත කිරීම මගින් තවදුරටත් ඉදිරියට ගෙන යාමට මනා පිටි බලයක් සපයනු ඇති බවයි.

චෙන්නායි පදනම් කරගත් මුනොත් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් විසින් රු. කෝටි 165 වියදමින් ලිතියම් සෛල නිෂ්පාදන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා ඩික්සන් ටෙක්නොලොජීස් සහ යුනයිටඩ් ටෙලිලින්ක්ස්හි පහසුකම් නැරඹීමට ද නියමිතය.තවද ඔහු මුනෝත් ඉන්ඩස්ට්‍රීස්හි ලිතියම් සෛල නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.