සමුලුව තුලදී කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ.

උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය ප්‍රධානීන්ගේ 22 වන රැස්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා සහභාගී වනු ඇත.

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී පැවසූයේ ඉන්දීය අගමැති මෝදි උස්බෙකිස්තානයේ ජනාධිපති ෂව්කට් මිර්සියෝයෙව් සහ තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට ද නියමිත බවයි.

මෙම සමුළුව අතරතුර ඉන්දීය අගමැති මෝදිගේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉරාන ජනාධිපති අයතුල්ලා සෙයිද් ඊබ්‍රහිම් රයිසි හමුවීමට ද නියමිත බව වාර්තා වේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු ඉන්දියාව, චීනය, රුසියාව, පකිස්ථානය, කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන සාමාජික රටවල් අටකින් සමන්විත කලාපීය බහුපාර්ශ්වික සංවිධානයකි.

ඉන්දීය විදේශ ලේකම් ක්වාට්‍රා අවධාරණය කළේ ෂැංහයි සහයෝගිතා සංවිධානයෙහි ප්‍රතිසංස්කරණ සහ පුළුල් කිරීම, සම්බන්ධතාවය ශක්තිමත් කිරීම, කලාපයේ වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීම, කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු සාකච්ඡා කිරීම මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මෙම සමුළුවේදී සමර්කන්ඩ් විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට ෂැංහයි සහයෝගිතා සංවිධානයේ නායකයින් බලාපොරොත්තු වේ යැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

2001 ජුනි මාසයේදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පිහිටුවන ලදී. ඉන්දියාව 2017 හි පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තේය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ කවුන්සිලය සංවිධානයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන අතර සාමාජික රාජ්‍යයක් විසින් සත්කාරකත්වය දරන වාර්ෂික සමුළුවක් ද රැස්වේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හි වත්මන් සභාපති උස්බෙකිස්තානයයි.

2017 දී ඉන්දියාව පූර්ණ සාමාජිකයෙකු වූ දා සිට සෑම වසරකම ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට ඉන්දීය දූත පිරිස මෙහෙය වූයේ ඉන්දීය අගමැති මෝදි බව ඉන්දීය විදේශ ලේකම් ක්වාට්‍රා පෙන්වා දෙයි.

2020 සහ 2021 අවසාන සමුළු දෙකේදී නායකයින් අතථ්‍ය ආකෘතියට සමුළුවට සහභාගී විය.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හි පූර්ණ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වූ දා සිට, ඉන්දියාව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ක්‍රියාවලීන් සහ සාකච්ඡා සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙයි," ක්වාට්‍රා සඳහන් කළේය.

ඉන්දියාව 2021 ඔක්තෝම්බර් මාසයේදී කලාපීය ත්‍රස්ත විරෝධී ව්‍යුහය හි විධායක කවුන්සිලයේ සභාපතිත්වයට පත් විය. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ඉන්දියාව අවධානය යොමු කර ඇති බව ක්වාට්‍රා පැවසීය.

සමර්කන්ඩ් සමුළුවට සැසි දෙකක් අන්තර්ගතය - ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සඳහා පමණක් සීමා කරන ලද සැසියක් සහ නිරීක්ෂකයින්ගේ සහභාගීත්වය ද ඇතුළත් වන දීර්ඝ සැසියක් වේ.

මූලාසනයේ විශේෂ අමුත්තන් ලෙස සෞදි අරාබිය, ටර්ක්මෙනිස්තානය, තුර්කිය, ආර්මේනියාව සහ අසර්බයිජානය සහ කලාපීය සංවිධාන ‌ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍යයන්,සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය,යුරේසියානු ආර්ථික සංගමය, එක්සත් ජාතීන් සංවිධානය සහ ආසියන් සංගමය. නිරීක්ෂකයින් ලෙස මොන්ගෝලියාව, බෙලරුස්, ඇෆ්ගනිස්ථානය සහභාගී වේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපීය ත්‍රස්ත විරෝධී ව්‍යුහයහි අධ්‍යක්ෂ මෙම සැසි දෙකටම සහභාගී වනු ඇත.

ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසූයේ මධ්‍යම ආසියාව සහ විස්තීර්ණ අසල්වැසි ප්‍රදේශය සමඟ ඉන්දියාවේ සම්බන්ධතා ශක්තිමත් කිරීම කෙරෙහි සිය රට අවධානය කර ඇති බවයි.මෙම වසර මුලදී ප්‍රථම ඉන්දියා - මධ්‍යම ආසියානු සමුළුව ඉන්දියාව විසින් පවත්වන ලදී.