මෙම නව යෝජනා ක්‍රමය ඉන්දියාවේ සැපයුම් මෙහෙයුම් සඳහා සම්බන්ධීකරණ සහ තාක්‍ෂණිකව දියුණු ප්‍රවේශයක් හඳුන්වා දෙනු ඇත.

ඉන්දියාවේ ජාතික ලොජිස්ටික් ප්‍රතිපත්තිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ විග්‍යාන් භවන්හිදී දියත් කරන ලදී.

ජාතික ලොජිස්ටික් ප්‍රතිපත්තිය එළිදැක්වීම ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉන්දියාවේ ප්‍රතිපත්තියේ සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීය හැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පැවසීය.

ප්‍රවාහනය ආශ්‍රිත අභියෝග අවසන් කිරීම, කෘෂි නිෂ්පාදන නාස්තිය වැළැක්වීම, ඉක්මනින් අවසන් සැතපුම් බෙදාහැරීම සහතික කිරීම, නිෂ්පාදකයින්ගේ කාලය හා මුදල් ඉතිරි කිරීම, සාමූහික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලය නව ලොජිස්ටික් ප්‍රතිපත්තියයි යැයි ඉන්දීය අගමැතිවරයා අවධාරණය කළේය.

ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය දක්වා වර්ධනය වී ඇති ඉන්දියාවේ තත්ත්වය ඉක්මනින් වෙනස් වෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එදින උදෑසන චීටාවන් යළි හඳුන්වා දීම සම්බන්ධයෙන් පවසමින් ඔහු අවධාරණය කළේ සෑම දෙනාටම අවශ්‍ය වන්නේ චීටා මෙන් වේගයෙන් ගමන් කිරීමට බව ඔහු පැවසීය.

සාගර්මාලා සහ භාරත්මාලා වැනි ව්‍යාපෘති ක්‍රමානුකූල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රවාහන සම්බන්ධතා වැඩි කිරීම සඳහා කැප වූ භාණ්ඩ ප්‍රවාහන කොරිඩෝව පිහිටුවීම වේගවත් කළ ආකාරය ඔහු අවධාරණය කළේය.ජාතික ලොජිස්ටික් ප්‍රතිපත්තිය සෑම අංශයකටම "නව ශක්තිය" ගෙන එනු ඇත යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒකාබද්ධ ලොජිස්ටික්ස් අතුරුමුහුණත් වේදිකාව ගැන කරුණු ඉදිරිපත් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම එමගින් ඩිජිටල් සේවා ඒකාබද්ධ වේදිකාවක් බවට පත්වීම තුළින් අපනයනකරුවන්ට එකම වේදිකාවක් තුළ කාලය අපතේ යාමකින් තොරව තම සේවාවන් ඉටු කර ගැනීමට හැකිවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. GST වැනි තනි බදු ක්‍රමයක වටිනාකම පිළිබඳ විවරණය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලොජිස්ටික් කර්මාන්තයේ ගැටළු විසඳීමේදී මෙම බදු ක්‍රමය බෙහෙවින් මහෝපකාරී වන බවයි.

ජාතික ලොජිස්ටික් ප්‍රතිපත්තියට යටිතල පහසුකම් සංවර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ රැකියා අවස්ථා වැඩි කිරීම සඳහා විශාල විභවයක් ඇති බව ඉන්දීය අගමැතිවරයා සිය දේශනය සමුච්චිත කරමින් කරුණු දැක්වීය. මෙම හැකියාවන් රටේ සංවර්ධන සඳහා භාවිතා කරන ලෙස ඔහු ජාතියෙන් ඉල්ලා සිටියේය.