දෙපාර්ශ්වයම පශ්චාත් කොවිඩ් වසංගත ආර්ථික ප්‍රකෘතියක් සඳහා වන වර්ධනයන් පිළිබඳ සමාලෝචනයක් කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ආර්ජන්ටිනා-තාවකාලික සභාපතීත්වය හා සත්කාරකත්වය දරන ඉන්දියාව-ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන්ගේ ප්‍රජාවේ(සෙලැක්) රැස්වීමට සහභාගී විය. ඔහු මෙම හමුවට සහභාගී වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වීම සඳහා නිව් යෝර්ක් වෙත පැමිණි අවස්ථාවේදී ය.

එම රැස්වීම අතරතුර, ඉන්දියාව සහ ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන්ගේ ප්‍රජාව වන ආර්ජන්ටිනාව, ග්වාටමාලා, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ කොලොම්බියාව යන රටවල විදේශ අමාත්‍යවරු සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කලාපීය සහ බහුපාර්ශ්වික ගැටළු පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ දෙපාර්ශවයම එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණ සහ දේශගුණික විපර්යාස ඇතුළු ගෝලීය ගැටළු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට එකඟ වූ බවයි. මෙම හමුවේ දී එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවල කටයුතු වලදී ඔවුන්ගේ සහයෝගීතාවය ප්‍රකාශ කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ වෙළෙඳ හා වාණිජ, කෘෂිකර්ම, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව, සෞඛ්‍ය, එන්නත් නිෂ්පාදනය, සම්ප්‍රදායික ඖෂධ සහ සැපයුම් ඇතුළු අංශවල සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බවයි. එමෙන්ම මෙම හමුවේ දී පශ්චාත් කොවිඩ් වසංගත ආර්ථික ප්‍රකෘතියක් සඳහා වූ වර්ධනයන් පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ ඉන්දියා-සෙලැක් සබඳතා පිළිබඳව මෙම හමුවේ දී සමාලෝචනය කළ බවයි. එහිදී ඉන්දියා-සෙලැක් සංසදය පුනර්ජීවනය කිරීම හා ලතින් අමෙරිකානු රටවල් සමඟ ඉන්දියාවේ වර්ධනය වන සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශවයම තෘප්තිමත් විය.

ඉන්දීය දූත පිරිසට නායකත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් ලබා දෙන ලදී. සෙලැක් චතුරස්‍ර සංසදය නියෝජනය කළේ ආර්ජන්ටිනාවේ විදේශ අමාත්‍ය සන්තියාගෝ කැෆේරෝ,ග්වාතමාලාවේ විදේශ අමාත්‍ය මාරියෝ ඇඩොල්ෆෝ බුකාරෝ ෆ්ලෝරස්, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ විදේශ අමාත්‍ය ඇමරි බ්‍රවුන් සහ කොලොම්බියාවේ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ උප ඇමති ලෝරා ගිල් සවාස්තානෝ යන අය විසිනි.