ගෝලීය පිරිසිදු බලශක්ති සංසදයට සහභාගී වීම සඳහා ඉන්දීය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං දින 5ක එක්සත් ජනපද සංචාරයක

ඉන්දීය විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං බදාදා වොෂිංටන්හි එක්සත් ජනපද වාණිජ මණ්ඩල මූලස්ථානයේදී සුප්‍රසිද්ධ ඇමරිකානු සමාගම් 30 කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන විධායක නිලධාරීන් සහ නියෝජිතයින් හමුවිය.

එම හමුවේදී ඉන්දියාවේ පවතින හිතකර ව්‍යාපාරික පරිසරය ඉස්මතු කරමින් ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගම්වලට ඉන්දියාවේ ආයෝජනය කරන ලෙස අමාත්‍ය සිං ආරාධනා කර තිබේ යැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.අභ්‍යවකාශ, පරමාණුක බලශක්ති සහ පෘථිවි විද්‍යා අමාත්‍යාංශ ද ඔහුගේ විෂය පථයට අයත් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ ඉන්දියාවේ ඇති වාසිදායක ව්‍යාපාරික පරිසරය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරමින් ඉන්දියාවේ ආයෝජනය කරන ලෙසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් පසුගිය වසර තුළ ව්‍යාපාරකරණය පහසු කිරීම වස් ඇති කරන ලද ප්‍රතිසංස්කරණ මගින් ආයෝජනය දිරිමත් කරන බව අමැතිවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම එමගින් ජාතික නිෂ්පාදිතයට දායක වෙමින් ප්‍රයෝජන ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය

ඉන්දීය විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ ලෝකයේ පැරණිතම වාණිජ මණ්ඩලයක් වන එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගම් 30 කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි. මෙම ව්‍යාපාරික නායකයන් සමඟ ඉන්දීය දූත පිරිස සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වීය.

මෙම පිරිස අතර භූගෝලීය දත්ත පිළිබඳ ගූගල් හි මිරියම් ඩැනියෙල් සහ ප්‍රිසිලා බේක්, නෙක්ස්ට්ලර් ඉනෝවේෂන්හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෆාන් ඇලෙක්සැන්ඩර්, ෆෙඩෙක්ස් හි ජ්‍යෙෂ්ඨ උපදේශක එමිලි බෙලීන්, හොට් ටේච්නොලොජීස්හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෆාන් ඇලෙක්සැන්ඩර්,පෘථිවි නිරීක්ෂණ තාක්ෂණයේ ප්‍රධාන විධායක නිලධාරී තිමෝති පුකෝරියස්, සයින්ට් ටෙක්නොලොජීස්හි ග්ලෙන් ග්‍රාබ්, ක්ලයිමර්ට් කොම්පාස්හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජේම්ස්,නැනෝ රොක්ස් අභ්‍යවකාශ තාක්ෂණ ආයතනයෙහි අජිත් ඊබ්‍රාහිම්, අයි.ටී ග්ලෝබල්හි ප්‍රධාන විධායක නිලධාරී රව්නිෂ් ලුත්‍, සින්ටෙල් සැටලයිට් සර්විසස් ඉන්කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරී සංජය සිංහාල් යන අයද වූහ.

වොෂින්ටන්, ඩීසී හි එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ මූලස්ථානයේදී වටමේස රැස්වීමක් එක්සත් ජනපද-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලය විසින් පවත්වන ලදී. දේශගුණික ගැටලුව විසඳීම සඳහා අත්‍යවශ්‍ය දත්ත රැස් කිරීම සඳහා පෘථිවි නිරීක්ෂණ සඳහා ඒකාබද්ධ රේඩාර් චන්ද්‍රිකාවක් දියත් කිරීමට ඇමරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය සහ ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය සහයෝගීව කටයුතු කරන බව ඔහු පැවසීය.

අඟහරුවාදා රාත්‍රියේ නිව්යෝර්ක් වෙත පැමිණි ඉන්දීය විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං ඉන්දියාවේ ඒකාබද්ධ අමාත්‍ය කණ්ඩායමකට නායකත්වය ලබා දේ. එමෙන්ම මෙම සංචාරය අතරතුර සැප්තැම්බර් 21 සිට 23 දක්වා පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි පැවැත්වෙන ගෝලීය පිරිසිදු බලශක්ති ක්‍රියාකාරී සංසදයට ඔහු සහභාගී වීමට ද නියමිත ය. තවද ඔහු එක්සත් ජනලදයේ ඉන්දීය ඩයස්පෝරාවේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ සාමාජිකයින් හමුවීමට ද මෙම සංචාරයේදී බලාපොරොත්තු වේ.