ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ජූලි 8 වැනිදා මැතිවරණ ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී ඝාතනය විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් 27 ජපානයට පැමිණෙන බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ටෝකියෝවේදී වත්මන් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමුවනු ඇති බවයි.

ජපානයේ නාරා ප්‍රාන්තයේ වීදියක මැතිවරණ ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩික්කරුවෙකු පිටුපසින් එල්ල කළ වෙඩි තැබීමකින් ජපාන හිටපු අගමැතිවරයෙකු වූ අබේ ජුලි 8 වැනිදා ඝාතනයට ලක් විය.

එම උත්සවයේදී ඔහු තුවාල ලද අතර හෙලිකොප්ටරයකින් ප්‍රාදේශීය රෝහලකට ගෙන යන ලදී. ශරීර අභ්‍යන්තර තුලට වු තුවාල වලින් ඔහු මිය ගියේය. විදේශීය නායකයින් ගණනාවක් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව, ජපානයට සහ අබේගේ පවුලට සිය සංවේගය පළ කළහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හා අභාවප්‍රාප්ත ජපාන අග්‍රාමාත්‍යවරයා අතර සමීප මිත්‍රත්වයක් පැවතින. ජුලි 8 දා අබේගේ අභාවයෙන් පසු අගමැති මෝදි ප්‍රකාශ කළේ මෙම අනපේක්ෂීත සිදු වීමෙන් තමා කම්පනයට හා ශෝකයට පත් වූ” බවයි. ඊට අමතරව, ඔහු අබේගේ විශිෂ්ට නායකත්වය සහ විස්මිත පරිපාලනය ජපානය සහ ලෝකය තුල ස්ථාවරව වැඩිදියුණු වීමට මහෝපකාරී වූ බව පැවසීය.

අබේට ගෞරව දැක්වීමට අමතරව, අගමැති මෝදි 2007 දී ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ටෝකියෝ වෙත ගිය අවස්ථාවේදී ඔවුන්ගේ පළමු හමුවීම සිහිපත් කළේය.ඉන්දියාව සහ ජපානය අතර සබඳතාව "විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වයේ" තත්ත්වයට ඔසවා තැබීමේ අබේගේ කාර්යභාරය ගැන අගමැති මෝදි ඔහුට ප්‍රශංසා කළේය.