හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ මිලියන ගණනකගේ හදවත් තුළ ජීවත් වනු ඇතැයි අගමැති මෝදි පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී විය. එම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අඟහරුවාදා ටෝකියෝහි පැවැත්විණ. ශ්‍රේෂ්ඨ නායකයෙකු, අතිවිශිෂ්ට පුද්ගලයෙකු සහ ඉන්දු-ජපාන මිත්‍රත්වය විශ්වාස කළ අයෙකු ලෙස ඉන්දීය අගමැතිවරයා ඔහු හැදීන්වීය.

ඉන්දීය අගමැතිවරයා ජපාන හිටපු අගමැති අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙක්, අතිවිශිෂ්ට පුද්ගලයෙක් සහ ඉන්දු-ජපාන මිත්‍රත්වය විශ්වාස කළ අයකු යනුවෙනී.

බටහිර ජපානයේ නාරා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ අග්‍රාමාත්‍යවරයා වන අබේ මහතා, පසුගිය ජූලි 8 වැනිදා වෙඩි තබා ඝාතනය කරන ලදී.

ටෝකියෝ හි නිපොන් බුඩෝකාන්හි පැවති රාජ්‍ය අවමංගල්‍යයට රාජ්‍ය නායකයින් 20 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව රටවල් 100 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී විය.

රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් පසුව, ඉන්දීය අගමැති මෝදි අභාවප්‍රාප්ත ජපාන අගමැති අබේගේ බිරිඳ වන අකී අබේ සමඟ ආකාසක මාලිගයේදී පෞද්ගලික හමුවක් පැවැත්වීය.අගමැති මෝදි අබේ මහත්මිය වෙත සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළේය. ඉන්දු-ජපාන සබඳතාව නව තලයකට ගෙනයාමට හිටපු අගමැති අබේ මහතා දැක්වූ සුවිශේෂී දායකත්වයද ඔහු සිහිපත් කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ හිටපු අග්‍රාමාත්‍ය අබේ ඉන්දු-ජපාන හවුල්කාරිත්වයේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුට ගෞරව කළ බවයි.

ඉන්දීය අගමැති මෝදි ජපාන අගමැති කිෂිඩා සමඟ කෙටි සංවාදයක නිරත වූයේය.

ඉන්දු-ජපාන අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා මීට පෙර දින ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීය. එම හමුවේදි හිටපු අගමැති අබේගේ අභාවය සම්බන්ධයෙන් අගමැති මෝදි ඔහුගේ බලවත් ශෝකය පළ කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ නිදහස්, විවෘත සහ ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ දැක්ම සංකල්පනය කිරීමේදී දිවංගත අගමැති අබේගේ දායකත්වය අගමැති මෝදි විසින් සටහන් කළ බවයි.