අවසාන උපායමාර්ගික සංවාදය 2021 නොවැම්බර් මාසයේදී පැරිසියේදී පැවැත්විණි.
36 වැනි ඉන්දියා - ප්‍රංශ උපායමාර්ගික සංවාදය ඉන්දියාව සහ ප්‍රංශය බ්‍රහස්පතින්දා නවදිල්ලියේ දී පැවැත්වේ. මෙහිදි දෙපාර්ශවය ආරක්ෂක සහයෝගීතාවයේ විවිධ පැතිකඩ සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරේ.තවද පුළුල් ද්විපාර්ශ්වික සහ ගෝලීය ගැටළු පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉන්දීය දූත පිරිස මෙහෙයවන අතර ප්‍රංශ දූත පිරිස ප්‍රංශ ජනාධිපතිගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක එමානුවෙල් බොන් විසින් මෙහෙයවනු ලැබේ. පසුව, බොන් අනෙකුත් ඉන්දීය නායකයින් ද හමුවනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

දෙරට අතර අවසාන උපායමාර්ගික සංවාදය 2021 නොවැම්බර් මාසයේදී පැරිසියේදී පැවැත්විණි.

ඉන්දියා-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය 1998 දී පිහිටුවන ලදී. එය ජාත්‍යන්තර නීතියට කැපවීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද සහ ඵලදායී බහුපාර්ශ්විකත්වය මගින් හැඩගැසුණු බහු ධ්‍රැව ලෝකයක් පිළිබඳ විශ්වාසය මත පදනම් වේ.

ඉන්දු පැසිෆික් කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවය කැපවී සිටිති. ඔවුන්ගේ ඉන්දු-පැසිෆික් හවුල්කාරිත්වය,ආරක්ෂාව, වෙළඳාම, ආයෝජනය, සම්බන්ධතාවය, සෞඛ්‍යය සහ තිරසාරභාවය ඇතුළත් වේ.

රාජ්‍ය නායකයන් සහ රජයන් අතර නිරන්තර රැස්වීම් පැවැත්වීම සහ අභ්‍යවකාශය, න්‍යෂ්ටික බලශක්තිය සහ ආරක්‍ෂාව වැනි තීරණාත්මක අංශ ඇතුළුව වාණිජ සබඳතා පුළුල් කිරීම හේතුවෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ සෑම ක්ෂේත්‍රයකම සැලකිය යුතු සංවර්ධනයක් ඇති වී තිබේ.

මීට අමතරව, වාණිජ හා ව්‍යාපාර, සංස්කෘතිය, විද්‍යාව සහ තාක්‍ෂණය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය වෙමින් පවතී.