නව ඒකාබද්ධ අභ්‍යාසය ඉන්දියාව සහ ප්‍රංශය අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරනු ඇත.
ෆ්‍රින්ජෙක්ස්-23 ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අඟහරුවාදා ඉන්දීය හමුදාවේ සහ ප්‍රංශ හමුදාවේ භට පිරිස් සහභාගීත්වයෙන් කේරළයේදී ආරම්භ විය.

තිරුවානන්තපුරම්හි පිහිටි ඉන්දියානු හමුදා භටයින් සහ ප්‍රංශ 6 වන සැහැල්ලු සන්නද්ධ බලකායේ භට සමූහයකින් සමන්විත වූ කණ්ඩායම් සමඟින්, ජාතීන් දෙකෙහිම හමුදාවන් මෙම ආකෘතියේ නිරත වන පළමු අවස්ථාව මෙය වේ.

දින දෙකක අභ්‍යාසය කේරළයේ තිරුවනන්තපුරම්හි පන්ගොඩේ හමුදා කඳවුරේදී පැවැත්වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ මූලික අරමුණ වන්නේ යුධ හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය, සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය උපායශීලී මට්ටමින් වැඩිදියුණු කිරීමයි.

ඒකාබද්ධ මානුෂීය ආධාර සහ ආපදා සහන ලබා ගැනීම සඳහා අපේක්ෂිත ප්‍රදේශයක් සුරක්ෂිත කිරීම, අභ්‍යන්තරව අවතැන් වූවන් සදහා සහන කඳවුරක් පිහිටුවීම සහ ආපදා සහන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඒකාබද්ධ අණදෙන ස්ථානයක් ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙම අභ්‍යාසයේ විෂය පථයට ඇතුළත් වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දු-ප්‍රංශ උපායමාර්ගික සන්ධානයේ තීරනාත්මක සංරචකයක් වන ප්‍රංශය සමග මෙම ඒකාබද්ධ අභ්‍යාසය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ෆ්‍රින්ජෙක්ස්-23 යනු දැනට පවතින ශක්ති නම් ද්විපාර්ශ්වික හමුදා අභ්‍යාසයට අමතරව නව අභ්‍යාසයකි. ජාතීන් දෙක විසින් වෝර්නා නමින් ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සහ ගරුඩා නමින් ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක් ද පවත්වනු ලැබේ.

1950 ගණන්වල සිට මේ දක්වා ප්‍රංශය සහ ඉන්දියාව විවිධ ආරක්ෂක මුලපිරීම් සඳහා එක්ව කටයුතු කර ඇත. සහයෝගිතා යුධ අභ්‍යාස, ආරක්ෂක උපකරණ විකිණීම සහ තාක්ෂණ හුවමාරුව හරහා ජාතීන් දෙක කාලයත් සමඟ තම ආරක්ෂක සබඳතා තහවුරු කරගෙන ඇත.

ආරක්‍ෂාවට අමතරව, ඉන්දියාව සහ ප්‍රංශය සමුද්‍ර ආරක්‍ෂාව, බුද්ධි තොරතුරු හුවමාරුව සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කරයි. දෙරට විසින් නිතර ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර යුද අභ්‍යාස ද පවත්වනු ලබයි.