එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡාවේදී මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඉන්දියාව ප්‍රතිපත්තිමය ස්ථාවරයක් අනුගමනය කර ඇත
2023 ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්‌තවාදී ප්‍රහාරය සහ හමාස්‌ සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීම යළිත් වරක්‌ බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න කර ඇත.

පෙර පැවති ඊශ්‍රායල-පලස්තීන ගැටුම්වලට සමානව, මෙම අඛණ්ඩ යුද්ධය කලාපීය දේශපාලනය කෙරෙහි ගැඹුරු බලපෑමක් කර ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව තුළ මතවාදීමය බෙදීම් නිර්මාණය කර ඇත.

ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාව සමතුලිත සහ සූක්ෂ්ම ස්ථානයක් පවත්වා ඇත. හමාස් ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින ඉන්දියාව ඊශ්‍රායලයට සිය සහයෝගිතාව ප්‍රකාශ කර ඇත. ඉන්දියාව හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නිල වශයෙන් නම් කර නැතත්, ඊශ්‍රායලයට එල්ල වූ ඔක්තෝම්බර් 7 ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ඉන්දියාව විසින් නම් කර ඇත. සිය ගණනකට මරු කැඳවමින් ගාසා හි අල් අහ්ලි රෝහලේ පිපිරීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් සමඟ කළ සාකච්ඡාවේ දී ජීවිත හානි පිළිබඳව සිය කනස්සල්ල ප්‍රකාශ කළ අතරම, අගමැති මෝදි දිගුකාලීන ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය යළිත් අවධාරණය කළේය.

යුද්ධය උත්සන්න වීම හා ඊට සමගාමී ව ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව වැඩි වීමත් සමඟ පලස්තීනයට ආධාර ප්‍රකාශ කළ පළමු රටවලින් එකක් වූයේ ඉන්දියාවයි. 2023 ඔක්තෝබර් 22 වන දින, ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සඳහා යුද්ධයේ ආරම්භයේ සිට පළමු වරට රෆා දේශසීමා හරස් මාර්ගය විවෘත කිරීමත් සමඟ, ඉන්දියාව පලස්තීනය සඳහා ජීවිතාරක්ෂක ඖෂධ සහ ආපදා සහන ද්‍රව්‍ය සැපයීය.

ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව සිය අඛණ්ඩ ප්‍රවේශය දිගටම කරගෙන යයි. එය ඊශ්‍රායලය සමඟ ශක්තිමත් දේශපාලන, ආර්ථික සහ යුධ සබඳතා පවත්වාගෙන යන අතර, ඒ සමගම, රාජ්‍ය දෙකක් ලෙස පැවතීම සඳහා ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහාය දක්වයි. ඊශ්‍රායල-පලස්තීන ගැටුම විසඳීම සඳහා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සෘජු සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඉන්දියාව ඉල්ලා සිටී. ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අගමැති මෝදිගේ ප්‍රකාශය නැවතත් අවධාරණය කර ඇත්තේ, ආර්ථික සංවර්ධනය සහ තාක්‍ෂණික ප්‍රගතිය සඳහා පලස්තීනයට හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දැක්වීමට ඉන්දියාව උනන්දු වන අතර, පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කරන ත්‍රස්තවාදය ඉන්දියාවට පිළිගත නොහැකි බවයි.

ඉරානය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි වැදගත් කලාපීය නායකයන් වත්මන් අර්බුදය තුළ, පිරිහෙන ආරක්ෂක තත්ත්වය, ජීවිත හානි සහ මානුෂීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දියාව දැන් යොමු වී ඇත. ඉන්දියාව කලාපීය ප්‍රයත්නවලට සෘජුවම සම්බන්ධ නොවන නමුත් තීරණාත්මක ගැටලු සාකච්ඡා කිරීමට සහ තත්ත්වය සමනය කිරීමට කලාපීය නායකයන් වෙත ක්‍රියාකාරි ව ළඟා වෙමින් ඒ සඳහා උත්සාහ කරයි.

ගාසා තීරයේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සාකච්ඡා කර ඇති අතර ඉන්දියාව එම සාකච්ඡාවේදී මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදීද සිය ප්‍රතිපත්තිමය ස්ථාවරය අනුගමනය කර ඇත. 2023 ඔක්තෝම්බර් 26 වන දින, "සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ නෛතික සහ මානුෂීය වගකීම් තහවුරු කිරීම" යන මාතෘකාවෙන් යුත් කෙටුම්පතක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර ඇත. බොහෝ දුරට අරාබි සහ ඉස්ලාමීය රටවල් විසින් ආරම්භ කරන ලද එම කෙටුම්පත් යෝජනාව මගින් සතුරුකම් නතර කිරීම සහ මානුෂීය ආයතනවලට බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශය ලබා දීම ඉල්ලා සිටියේය. අනෙකුත් ඉල්ලීම් අතර, උතුරු ගාසා තීරයෙන් ඉවත් වී දකුණට යන ලෙසත් සිවිල් වැසියන්ට දුන් නියෝගය අවලංගු කරන ලෙසත්, ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන සිවිල් වැසියන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් දක්වා ඇත.

ඉන්දියාව මෙම කෙටුම්පත් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පලස්තීනයේ සිවිල් ජන ජීවිත ආරක්ෂා කර ජනතාවට මානුෂීය ආධාර වහා ලබා දිය යුතු බව ඉන්දියාව විශ්වාස කරන අතරම හමාස් සංවිධානය ඊශ්‍රායලයට සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා පැහැදිලිවම හෙළා දැකිය යුතුය. ඉන්දියාව දෙපාර්ශ්වයේම බලය පාවිච්චි කිරීම හෙළා දකින අතර සංයමයෙන් කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. අර්බුදය අවසන් කිරීමට ඇති හොඳම විසඳුම ඊශ්‍රායල සහ පලස්තීන රාජ්‍යයන් දෙකම එකට ජීවත් වන රාජ්‍ය දෙකක විසඳුම බව ඉන්දියාව සිය ස්ථාවරය යළිත් අවධාරණය කළේය. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ සංවාදයේ යෙදීම අර්බුදය විසඳීමට ඇති එකම ඵලදායී මාර්ගය බවද ඉන්දියාව අවධාරණය කළේය.

ඉන්දියාව මෙම කෙටුම්පත් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පලස්තීනයේ සිවිල් ජන ජීවිත ආරක්ෂා කර ජනතාවට මානුෂීය ආධාර වහා ලබා දිය යුතු බවත් හමාස් සංවිධානය ඊශ්‍රායලයට සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා පැහැදිලිවම හෙළා දැකිය යුතු බවත් ඉන්දියාව විශ්වාස කරයි. ඉන්දියාව දෙපාර්ශ්වයේම බලය පාවිච්චි කිරීම හෙළා දකින අතර සංයමයෙන් කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. අර්බුදය අවසන් කිරීමට ඇති හොඳම විසඳුම ඊශ්‍රායල සහ පලස්තීන රාජ්‍යයන් දෙකම එකට ජීවත් වන රාජ්‍ය දෙකක විසඳුම බවට වන සිය ස්ථාවරය ඉන්දියාව යළිත් අවධාරණය කළේය. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ සංවාදයේ යෙදීම අර්බුදය විසඳීමට ඇති එකම ඵලදායී මාර්ගය එය බවද ඉන්දියාව අවධාරණය කළේය.

2023 නොවැම්බර් 11 වන දින, බටහිර ඉවුර සහ ගෝලාන් කඳුකරය ඇතුළු අල්ලා ගත් ප්‍රදේශවල ඊශ්‍රායල ජනාවාස පිළිබඳ තවත් කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. එම අල්ලාගෙන සිටින ප්‍රදේශවල ඊශ්‍රායල ජනාවාස ඇති කිරීම ඉන්දියාව හෙළා දැක ඇති අතර ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ දෘෂ්ටි කෝණයට අනුව, ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය එල්ල වන්නේ ඉන්දියාව ඊශ්‍රායලය, අරාබි රටවල්, එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් ඇතුළු බටහිර ආසියාවේ සිය ක්‍රියාකාරිත්වය තීව‍්‍ර කරගනිමින් සිටින අවස්ථාවක ය. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවති G20 නායක සමුළුවේදී ඉන්දියාව, එක්සත් ජනපදය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ යුරෝපා සංගමය වැනි රටවල් ඉන්දියාව-මැදපෙරදිග-යුරෝපීය ආර්ථික කොරිඩෝව (IMEC) පිහිටුවීම නිවේදනය කළේය. මෙය ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාව, බටහිර ආසියාව සහ යුරෝපය සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ ආර්ථික හා යටිතල පහසුකම් ව්‍යාපෘතියකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඊශ්‍රායලය සමඟ සාමාන්‍යකරණ ගිවිසුම් අත්සන් කළ 2020 සැප්තැම්බර් මාසයේදී ඒබ්‍රහම් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු අරාබි රටවල් සමඟ ඊශ්‍රායලයේ සබඳතා ද සමීප වෙමින් පවතී. මෑත මාසවලදී, ඊශ්‍රායලය සහ සෞදි අරාබිය ද ඔවුන්ගේ සම්බන්ධතාවය සාමාන්‍යකරණය කිරීමට සාකච්ඡා කරමින් සිටි අතර එය කලාපීය දේශපාලනයේ වෙනසක් විය හැකි ව තිබුණි. කෙසේ වෙතත්, හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ සෞදි-ඊශ්‍රායල් සාකච්ඡා තාවකාලිකව නතර වී තිබේ.

වර්ධනය වන අරාබි-ඊශ්‍රායල් සබඳතා රටවල් දෙකටම ආර්ථික වශයෙන් වාසිදායක බව පමණක් නොව බටහිර ආසියාවේ කලාපීය බල ගතිකත්වය වෙනස් කිරීමේ විභවය ද ඇති බව ඔප්පු විය. ඒබ්‍රහම් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඉන්දියාව ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපදය සමඟ එක්ව සුළුපාර්ශ්වික I2U2 පිහිටුවීමට කටයුතු කර ඇත. I2U2 විසින් ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතාව, ආහාර බලශක්ති සහ ජල ආරක්ෂණ ගැටලු ඇතුළු මෙම සියලු රටවල් සඳහා ඉතා වැදගත් කරුණු කිහිපයක් හඳුනාගෙන ඇත. ඔක්තෝම්බර් 7 දා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව වර්ධනය වන ඊශ්‍රායල-අරාබි සබඳතාවල ගම්‍යතාව මන්දගාමී වූවා පමණක් නොව, එය බටහිර ආසියානු කලාපය සමඟ ඉන්දියාවේ සම්බන්ධයට ද බලපා ඇත.

(කතුවරයා නවදිල්ලියේ මනෝහර් පරිකර් ආරක්ෂක අධ්‍යයන සහ විශ්ලේෂණ ආයතනයේ පර්යේෂණ සාමාජිකයෙකි. ප්‍රකාශිත අදහස් ඔහුගේම වේ.)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡාවේදී මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඉන්දියාව ප්‍රතිපත්තිමය ස්ථාවරයක් අනුගමනය කර ඇත.

2023 ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්‌තවාදී ප්‍රහාරය සහ හමාස්‌ සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීම යළිත් වරක්‌ බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න කර ඇත.

පෙර පැවති ඊශ්‍රායල-පලස්තීන ගැටුම්වලට සමානව, මෙම අඛණ්ඩ යුද්ධය කලාපීය දේශපාලනය කෙරෙහි ගැඹුරු බලපෑමක් කර ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව තුළ මතවාදීමය බෙදීම් නිර්මාණය කර ඇත.

ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාව සමතුලිත සහ සූක්ෂ්ම ස්ථානයක් පවත්වා ඇත. හමාස් ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින ඉන්දියාව ඊශ්‍රායලයට සිය සහයෝගිතාව ප්‍රකාශ කර ඇත. ඉන්දියාව හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නිල වශයෙන් නම් කර නැතත්, ඊශ්‍රායලයට එල්ල වූ ඔක්තෝම්බර් 7 ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ඉන්දියාව විසින් නම් කර ඇත. සිය ගණනකට මරු කැඳවමින් ගාසා හි අල් අහ්ලි රෝහලේ පිපිරීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් සමඟ කළ සාකච්ඡාවේ දී ජීවිත හානි පිළිබඳව සිය කනස්සල්ල ප්‍රකාශ කළ අතරම, අගමැති මෝදි දිගුකාලීන ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය යළිත් අවධාරණය කළේය.

යුද්ධය උත්සන්න වීම හා ඊට සමගාමී ව ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව වැඩි වීමත් සමඟ පලස්තීනයට ආධාර ප්‍රකාශ කළ පළමු රටවලින් එකක් වූයේ ඉන්දියාවයි. 2023 ඔක්තෝබර් 22 වන දින, ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සඳහා යුද්ධයේ ආරම්භයේ සිට පළමු වරට රෆා දේශසීමා හරස් මාර්ගය විවෘත කිරීමත් සමඟ, ඉන්දියාව පලස්තීනය සඳහා ජීවිතාරක්ෂක ඖෂධ සහ ආපදා සහන ද්‍රව්‍ය සැපයීය.

ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව සිය අඛණ්ඩ ප්‍රවේශය දිගටම කරගෙන යයි. එය ඊශ්‍රායලය සමඟ ශක්තිමත් දේශපාලන, ආර්ථික සහ යුධ සබඳතා පවත්වාගෙන යන අතර, ඒ සමගම, රාජ්‍ය දෙකක් ලෙස පැවතීම සඳහා ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහාය දක්වයි. ඊශ්‍රායල-පලස්තීන ගැටුම විසඳීම සඳහා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සෘජු සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඉන්දියාව ඉල්ලා සිටී. ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අගමැති මෝදිගේ ප්‍රකාශය නැවතත් අවධාරණය කර ඇත්තේ, ආර්ථික සංවර්ධනය සහ තාක්‍ෂණික ප්‍රගතිය සඳහා පලස්තීනයට හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දැක්වීමට ඉන්දියාව උනන්දු වන අතර, පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කරන ත්‍රස්තවාදය ඉන්දියාවට පිළිගත නොහැකි බවයි.

ඉරානය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි වැදගත් කලාපීය නායකයන් වත්මන් අර්බුදය තුළ, පිරිහෙන ආරක්ෂක තත්ත්වය, ජීවිත හානි සහ මානුෂීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දියාව දැන් යොමු වී ඇත. ඉන්දියාව කලාපීය ප්‍රයත්නවලට සෘජුවම සම්බන්ධ නොවන නමුත් තීරණාත්මක ගැටලු සාකච්ඡා කිරීමට සහ තත්ත්වය සමනය කිරීමට කලාපීය නායකයන් වෙත ක්‍රියාකාරි ව ළඟා වෙමින් ඒ සඳහා උත්සාහ කරයි.

ගාසා තීරයේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී (UNGA) සාකච්ඡා කර ඇති අතර ඉන්දියාව එම සාකච්ඡාවේදී මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදීද සිය ප්‍රතිපත්තිමය ස්ථාවරය අනුගමනය කර ඇත. 2023 ඔක්තෝම්බර් 26 වන දින, "සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ නෛතික සහ මානුෂීය වගකීම් තහවුරු කිරීම" යන මාතෘකාවෙන් යුත් කෙටුම්පතක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර ඇත. බොහෝ දුරට අරාබි සහ ඉස්ලාමීය රටවල් විසින් ආරම්භ කරන ලද එම කෙටුම්පත් යෝජනාව මගින් සතුරුකම් නතර කිරීම සහ මානුෂීය ආයතනවලට බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශය ලබා දීම ඉල්ලා සිටියේය. අනෙකුත් ඉල්ලීම් අතර, උතුරු ගාසා තීරයෙන් ඉවත් වී දකුණට යන ලෙසත් සිවිල් වැසියන්ට දුන් නියෝගය අවලංගු කරන ලෙසත්, ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන සිවිල් වැසියන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් දක්වා ඇත.