නායකයන් දෙදෙනා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සමස්ත පරාසය සමාලෝචනය කළහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සුරිනාම් ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් සන්තෝකි ඩිජිටල් මුලපිරීම්, ආරක්‍ෂාව සහ සමුද්‍ර ආරක්‍ෂාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය.

සඳුදා මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර්හි පැවති 17 වැනි ප්‍රවාසි භාරතීය දිවාස් සම්මුතියට සමගාමීව නායකයන් දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කළහ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, නවෝත්පාදන, තාක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව සහ තවත් බොහෝ අනාගත ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ මාර්ග පිළිබදව සුරිනාම් ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් සන්තෝකි සමග සාකච්ඡා කළ බවයි.

සුරිනාම් ජනාධිපති සන්තෝකි ජනවාරි 7 සිට 14 දක්වා නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සිටී. ඔහු 17 වැනි ප්‍රවාසි භාරතීය දිවාස් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වේ.

නායකයින් දෙදෙනා ඔවුන්ගේ රැස්වීමේදී හයිඩ්‍රොකාබන, ආරක්ෂක, සමුද්‍රීය ආරක්ෂාව, ඩිජිටල් මුලපිරීම් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ධාරිතා ගොඩනැගීම ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

සුරිනාම් ලබා ගත් ණය වලින් පැන නගින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව ගත් තීරණය සූරිනාම් අගය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ප්‍රවාසි භාරතීය දිවාස් සමුළුවේදී සිය දේශණයේදී, සුරිනාම් ජනාධිපතිවරයා ඩයස්පෝරා අරමුදලක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කළේය. ඔහු ඉන්දියාවේ මූල්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව ද ප්‍රශංසා කළේය. නව අවස්ථා සොයා ගැනීමට මෙම සම්මුතිය ඉන්දියාවට සහ සුරිනාමයට කදිම අවස්ථාවක් ලබා දෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අඟහරුවාදා, ජනාධිපති සන්තෝකි ජනාධිපති ද්‍රෞපදි මුර්මු හමුවී උපහාර සැසියට සහ ප්‍රවාසි භාරතීය සම්මන් සම්මාන උළෙලට සහභාගී වනු ඇත. ඉන්දෝර්හිදී, ඔහු ගෝලීය ආයෝජක සමුළුවේ සමාරම්භක උත්සවයේ සමාරම්භක සැසිවාරයට ද සහභාගී වනු ඇත. තවද පසු දිනයේදී ඔහු නවදිල්ලිය සහ අහමදාබාද් වෙත ගමන් කරනු ඇත.