අයි.එන්.එස්. දිල්ලි යනු 390 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද මීටර් 163.2 ක් දිග නෞකාවකි.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස් දිල්ලි නෞකාව ඉරිදා ශ්‍රී ලංකාවේ ඊසානදිග වරාය නගරය වන ත්‍රිකුණාමලයට ළඟා විය.

කපිතාන් ශිරාස් හුසේන් අසාද් විසින් අණදෙන නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගනු ලැබීය.අයි.එන්.එස් දිල්ලි යනු 390 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද මීටර් 163.2 ක් දිග නෞකාවකි.

නෞකාවේ රැඳී සිටින කාලය තුළ නාවික හමුදා දෙපිරිසක් අතර සහයෝගීතාව සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට කාර්ය මණ්ඩලය සහභාගී වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අයි.එන්.එස් හි අණදෙන නිලධාරියා සඳුදා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති සහ ස්වේච්ඡා නාවික බලකායේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ධම්මික කුමාර හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් අයි.එන්.එස් දිල්ලි නෞකාවේ පුහුණු සංචාරයක නිරත වනු ඇත.