ඉන්දියානු-නේපාල හවුල්කාරිත්වය හවුල් සංස්කෘතිය, අන්‍යෝන්‍ය ප්‍රගතිය සහ සමෘද්ධිමත් දකුණු ආසියාවක් සඳහා වූ දැක්මක් පිළිබඳ කතාවකි.
කැපී පෙනෙන සාර්ථකත්වයේ කාල පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, නේපාලයේ ඉන්දියාවේ ඉහළ බලපෑම් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති මෑතකදී සැලකිය යුතු සන්ධිස්ථානයක් සමරනු ලැබීය. ඒ අසල්වැසි ජාතීන් අතර හවුල්කාරිත්වයේ ශක්තිය හා විකාශනය සංකේතවත් කරමින් හා ඉන්දියාව විසින් නේපාලය තුළ ක්‍රියාත්මක කේන්ද්‍රගත සංවර්ධන ප්‍රයත්නවල වසර 20 සනිටුහන් කරමින් එහි ප්‍රධාන ව්‍යාපෘතියක් භාර දීමයි.

කත්මණ්ඩු නුවර ත්‍රිභූවන් විශ්ව විද්‍යාල ශික්ෂණ රෝහලේ මංගලදේවි උපත් (මාතෘ) මධ්‍යස්ථානය 2023 නොවැම්බර් 7 වන දින රෝහල් බලධාරීන් වෙත විධිමත් ලෙස භාර දෙන ලදී. එය නේපාල - ඉන්දියා සංවර්ධන සහයෝගිතා රාමුව යටතේ ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ලෙස නේපාල රුපියල් මිලියන 44.04ක ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ඉදි කරන ලද්දකි.
දේශීය ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලමින් මෙම ව්‍යාපෘති 2003 සිට ඉන්දීය රජය විසින් නේපාලයට සැපයෙන සංවර්ධන ආධාරවල ඉදිරියෙන් ම සිටින අතර නේපාලයේ සමාජ-ආර්ථික සංවර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සපයයි.
බිම් මට්ටමේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පුළුල් පරාසයක විහිදුණු අංශ ආවරණය කරමින් පසුගිය දශක දෙක තුළ ඉන්දියාව විසින් නේපාලය පුරා ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන වැඩසටහන් 546කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත. නේපාල රුපියල් කෝටි 1220ක (ආසන්න වශයෙන් ඉන්දීය රු. කෝටි 762) පමණ වන මුළු ආයෝජන වටිනාකමක් සහිත මෙම ව්‍යාපෘති මඟින් සෞඛ්‍ය, අධ්‍යාපනය, පානීය ජලය, සනීපාරක්ෂාව සහ අනෙකුත් මහජන උපයෝගිතා නිර්මාණය කිරීම වැනි ක්ෂේත්‍ර පුළුල් ලෙස ආවරණය කර ඇත.
මේ අතරින් ව්‍යාපෘති 483ක් සාර්ථක ව නිම කර ඇති අතර ඉතිරි 63 ක්‍රියාත්මක මට්ටමේ විවිධ අදියර යටතේ පවති.
මීට අමතර ව, ඉහත සඳහන් කළ 2023 නොවැම්බර් 7 වන දින පැවති මංගලදේවි උපත් (මාතෘ) මධ්‍යස්ථානය භාර දීමේ උත්සයයේ දී ඉන්දීය ආධාර මත නේපාල රු. මිලියන 130ක ඇස්තමේන්තුගත වියදමින් නේපාලයේ බයිටාඩ් හා මස්ටැන්ග් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක තවත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 3ක් සඳහා ගිවිසුම් අත්සන් කරන ලදී.
මෙම මුලපිරීම් නේපාලයේ සියලු ම පළාත් පුරා විසිර පවතින අතර ඉන්දියානු රජයේ කැපවීම දක්වන භූගෝලීය හා ආංශික පරාසය  පෙන්වයි. ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඉන්දියා -නේපාල සබඳතාවයේ සහයෝගීතාවය මත ක්‍රියාත්මක වන අතර තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනයක් සඳහා නේපාලයේ ඉදිරි ගමනට සහාය වීම වෙනුවෙන් ඉන්දීය රජයේ භූමිකාව ඉස්මතු කොට දක්වයි.

අන්‍යෝන්‍ය වර්ධනය සහ අවබෝධය පිළිබඳ ගමනක්

බොහෝ විට භූදේශපාලනික අඛ්‍යානවලින් යටපත් වූ ගෝලීය සන්දර්භයක් තුළ, ඉන්දියා - නේපාල සංවර්ධන හවුල්කාරිත්වය සහයෝගිතාවයේ සහ අන්‍යෝන්‍ය ප්‍රගතියේ ආලෝකයක් ලෙස කැපී පෙනේ.
ජාතීන් දෙක එක්සත් කරන ගැඹුරු සංස්කෘතික හා සමාජීය බැඳිම් ආරක්ෂා කරන අතර ම නේපාලයේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීමට අඛණ්ඩ ව අනුගත වෙමින්  මෙම දීර්ඝ කාලීන සම්බන්ධතාවය වසර හැත්තෑවකට වැඩි කාලයක් පුරා සමෘද්ධිමත් විය.
ජාතිය ගොඩනැගීම සහ සංවර්ධනය සඳහා යන නේපාලයේ ගමන තුළ ඉන්දියාවේ භූමිකාව සක්‍රිය සංවර්ධන හවුල්කරුවෙකු වෙත හවුල් සංස්කෘතික සබඳතා ඇති අසළ්වැසියකු වීම මත පරිණාමය විය. මෙම පරිවර්තනය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික  ක්‍රියාකාරිත්වයක් පමණක් නොවන අතර ප්‍රගතිය සහ ස්ථාවරත්වය කරා නේපාලය යන ගමනට සහාය වීම සඳහා ඉන්දියාවේ ඉමහත් කැපවීම පිළිබිඹු කරයි.
ජාතිය ගොඩනැගීම සහ සංවර්ධනය සඳහා යන නේපාලයේ ගමන තුළ ඉන්දියාවේ භූමිකාව සක්‍රිය සංවර්ධන හවුල්කරුවෙකු වෙත හවුල් සංස්කෘතික සබඳතා ඇති අසළ්වැසියකු වීම මත පරිණාමය විය. මෙම පරිවර්තනය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික  ක්‍රියාකාරිත්වයක් පමණක් නොවන අතර ප්‍රගතිය සහ ස්ථාවරත්වය කරා නේපාලය යන ගමනට සහාය වීම සඳහා ඉන්දියාවේ ඉමහත් කැපවීම පිළිබිඹු කරයි.
 
ගොඩනැගීමේ පදනම්: යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවා, සහ අධ්‍යාපනය

නේපාලයේ විවිධ අංශ හරහා ඉන්දියාවේ ආධාර ප්‍රධාන වී ඇත. අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපළ වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීමෙන් ආරම්භ වූ මෙම ප්‍රයත්නයන් වඩාත් සහයෝගී ව්‍යාපෘති සඳහා අඩිතාලම දැමීය. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රවල සැලකිය යුතු මුලපිරීම් සමඟ පදනම තවදුරටත් ශක්තිමත් විය.
 
යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ප්‍රජාවන් ඒකාබද්ධ කිරීම

නේපාලයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දියාවේ මැදිහත්වීම ආරම්භ වූයේ 1950 ගණන්වල, කත්මණ්ඩු හි ගෞචර් ගුවන් තොටුපල, දැන් ත්‍රිභුවන් ගුවන් තොටුපල ඉදිකිරීම වැනි වැදගත් ව්‍යාපෘති සමඟිනි. බලශක්තිය හා මාර්ග සම්බන්ධතා වැනි අංශ ඇතුළත් කිරීම දක්වා මෙම හවුල්කාරීත්වය පුළුල් විය.

ප්‍රථම වරට නේපාලයේ දේශසීමා හරහා පුළුල් මාපක දුම්රිය ව්‍යාපෘතිය හඳුන්වා දෙමින් 2022 දි ජයනගර් - බාඩිබාස් දුම්රිය මාර්ගයේ ජයනගර් - කුර්තා කොටස විවෘත කිරීම මෙම හවුල්කාරිත්වයේ විශාල ප්‍රගතියක් සනිටුහන් කළේය.
  
අධ්‍යාපනය සහ සෞඛ්‍යය තුළින් බලගැන්වීම

අධ්‍යාපනය හා සෞඛ්‍යය ඉන්දියා - නේපාල සහයෝගීතාවයේ කේන්ද්‍රය වේ. පොකාරා හි නේපාල භාරත් මෛත්‍රි විද්‍යාලය ඉදි කිරීම හා කත්මණ්ඩු නුවර භාරත් මෛත්‍රි හදිසි අනතුරු මධ්‍යස්ථානය පිහිටුවීම නේපාලයේ අධ්‍යාපනික සහ සෞඛ්‍ය යටිතල පහසුකම් නැංවීම කෙරෙහි ඉන්දියාවේ කැපවීම පිළිබඳ මෑත කාලීන උදාහරණ වේ.
 
විපත්ති හමුවේ සහයෝගිතාව: පශ්චාත් භූමිකම්පා ප්‍රතිසංස්කරණය

2015 දී නේපාලයේ සිදු වූ භූමිකම්පා අවස්ථාවේ ඉන්දියාවේ ප්‍රතිචාරය - ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක කැපවීම - එම ගැඹුරු සහයෝගීතාව නිදර්ශනය කෙරිණි. නිවාස තැනීම,  අධ්‍යාපන ආයතන හා සෞඛ්‍ය පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු ව මෙම පුළුල් ප්‍රවේශය මූල්‍ය ආධාර ඉක්මවා ගිය හවුල්කාරිත්වයක් පිළිබිඹු කරයි.

ගිලන් රථ සහ පාසල් බස් රථ ප්‍රදානය කිරීම

1994 සිට නේපාලයට ගිලන්රථ සහ පාසල් බස්රථ පිරිනැමීම මෙම මහා පරිමාණ ව්‍යාපෘති සම්පූර්ණ කරන අතර, විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශවලට  අත්‍යවශ්‍ය වෛද්‍ය සහාය සහ ආරක්ෂිත සිසුන් ප්‍රවාහන සේවා සපයයි.


ආධාරයෙන් ඔබ්බට: හවුල් උරුමයන් සහ ඉලක්ක මත ඇති වූ සම්බන්ධය

ඉන්දියානු-නේපාල සංවර්ධන හවුල්කාරිත්වය සාම්ප්‍රදායික පරිත්‍යාගලාභීන්ගේ ගතිකත්වය ඉක්මවා යයි. හවුල් සංස්කෘතික උරුමයන් සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා මත පදනම් වූ මෙම සම්බන්ධතාවය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පුෂ්ප කමල් දහල් 'ප්‍රචණ්ඩා' අතර මෑත කාලීන හමුව වැනි ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා මගින් අවධාරනය කෙරේ.

අනාගතය සඳහා දැක්ම
 
ඉන්දියා-නේපාල හවුල්කාරිත්වය පරිණත වන විට, එය ස්ථාවර, සමෘද්ධිමත් දකුණු ආසියාවේ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම සහයෝගීතාවය යටිතල පහසුකම් ගොඩනැගීම පමණක් නොව, ප්‍රගතිය සහ සාමය සහජීවනයෙන් පවතින කලාපයක් සඳහා හවුල් දැක්මක් පෝෂණය කිරීමකි. ඉන්දියානු-නේපාල සහයෝගීතාවයේ ගමන බලාපොරොත්තුව, ඔරොත්තු දීමේ හැකියාව සහ දීප්තිමත් අනාගතයක් සඳහා හවුල් කැපවීම පිළිබඳ ආඛ්‍යානයකි.